Friday, April 19, 2013

ආගම් වල ආරම්භය !!

    මා කලින් ලිපියේ සඳහන් කල පරිදි දැනුමෙන් හීන වූ ආදිතම මිනිසාට සොබාදහමහි ක්‍රියාකාරිත්වය තේරුම්ගැනීමට අපොහොසත් විය. ඔහුට තේරුම්ගත නොහැකි මේ සංකීර්ණ ක්‍රියාවලිය සර්ව බළධාරී දෙවියෙකුගේ බලපෑම මත සිදු වන්නක් යැයි විශ්වාස කළේය. සර්ව බලධාරී දෙවියෙකු විසින් ලොව පාලනය කිරීම ස්ථිර විය. ඒ සමග සිතින් මවාගත් විවිද ආගමික ඉගැන්වීම් යාඤ කිරීම් සහා ඒ පිළිබද සාහිත්‍යක් ඇතිවුනි. එයින් අදහස් වුයේ ආගම් වල නියමයන් අනුව භක්තිය වඩා මරණින් පසුව දෙවියන් හා එක්වීම හෙවත් දෙව්ලොව ඉපදීම විය. එසේ නොකරන්නා අපාගත වෙයි. එයින් ගැලවීමක් නැත. ඒ අනුව ක්‍රමයෙන් දේශය, වාසය සහ පරිසරය අනුව ලොව පුරා විවිදාකාරයේ ආගම් ඇදහීම් බිහිවුනි. ඒ ඒ ආගම් හා විශ්වාස වලට අනුව ආගමික නායකයින් හෙවත් කතාකරුවන් ඇතිවුනි. ඔවුන්ගේ ප්‍රකාශ මැවීම් මත වූ ආගමික සත්‍ය ගැන කිසිවෙකුටත් ප්‍රශ්න කල නොහැකි විය. එය මරණිය දඬුවම් ලැබෙන සමාව නොලැබෙන බරපතල අපරාධයකි.

    ආගම් වලට අනුව මිනිසාට ආත්මයක් පවතී. විවිද ආගමික ඉගැන්වීම් අනුව මිනිසාගේ ආත්මය පැවතීම විවිධාකාරය. ඇතැම් ඉගැන්වීම් වලට අනුව මේ ජිව්තයේදී කරන පිංපව් අනුව ඔහු නැවත ඉපදීම හෙවත් පුනරුප්පතිය සිදුවේ. එය මිනිස් ලොව, දෙව් ලොව, බ්‍රහම ලොව, අපාය, ප්‍රේත භූත හෝ තරිසන් ආදිය ලෙසිනි.  ලොව මැවූ දෙවියන්ට සියල්ල යටත්ය. රටක මහා රජුද එසේමය. දෙවි පිහිටෙන් ඔහු රජ කරයි. සැම අවස්ථාවකදීම ඔහු දෙවියන්ගේ පිහිට පතයි. ඒ අනුව රාජ්‍ය බලයද දේව බලය යටතේ පැවතුනි.  යුධ ශක්තියෙන් බලවත් වූ රාජ්‍යන් දුර්වල රාජ්‍යක් යටත් කරගත් විට ජයග්‍රාහී රජුගේ ආගම යටත් වැසියන් වැළඳ ගැනීම අනිවාර්ය විය. එසේ නොවන්නන් මිතයදුෂ්ටිකයන් සේ සලකා මරා දමනු ඇත. මේ අනුව ඇතැම් ආගම් ඉතා බලසම්පන්න ලෙස විදෙස්හිද පැතිරී ගොස් ඇති ආකාරය මාධ්‍ය කාලීන ලෝක ඉතිහාසය සාක්ෂි දරණු ඇත.

    ඉන්දියාවේ ඈත අතීතයේ ආර්යන්ගේ පැමිණීමෙන් පසු ක්‍රමානුකුල සහ ප්‍රබල ආගමික තත්වයක් ඇති විය. එයින් බ්‍රහ්මලොව, දිවයලෝක, අනන්ත අප්‍රමාණ ගණනින් කාලය දැක්වීම ලොව මැවීම, වැනසීම ඉතා අලංකාරව හා භයංකරව පැහැදිලි කෙරිණි. මරණින් පසුව ලබන විමුක්තිය සඳහා විවිද පුද පුජා , බලි, බිලි, යාග, හෝම ආදිය කෙරිනි. වාද  විවාද ඇතිවුනි. ලොවට සෙත සලසන තිස් තුන් කෝටියක් දෙවිවරු ඇති බව විශ්වාස කෙරුනි. ඒ සියල්ලම අලලා වීර කව්‍යද එක්වී ඇත.

    මෙසේ ආරම්භ වුනු ආගම් සහ විශ්වාස අකණ්ඩ කාලයක් පුරා පැවත ඒම  සිත් ගන්නා සුළුය. නැවත ආගම් වල පුනරෝදය ඇති වූ කාලයේ සමාජ තත්වය සිහි කර ගනිමු. ප්‍රධාන ආහාරය සඳහා ගොවිතැන උපයෝගී කරගත් පැරණි මිනිසා ඉතා දුක සේ ජිවත් වුහ. නියඟයක් ගංවතුරක් ආ කල බඩගින්නේ මිය ගියහ. වසංගත රෝග එමටය. නිසි සෞඛය ප්‍රතිකාර නොමැති නිසා සමහරක් අකාලයේ මිය ගියහ. මරණය කොයි මොහොතේ දැයි සිතමින් බියෙන් විසුහ. මෙසේ බියෙන් වෙසෙන මිනිසා හට ආගම මහත් සහනයක් විය. සියලු දෑ සිදු වන්නේ දේව කැමැත්ත හෝ කර්මය අනුවය. මිනිසාට සිදු වන සෑම කරදරයකටම හා තේරුම් ගත නොහැකි දේ සඳහා වහා ආගමෙන් පිළිතුරක් ලැබුණි. දෙවියන් ඔහුගේ වීරයා හා එකම ගැලවුම් කරු විය. ආගමෙහි වීර කාව්‍ය ඔහුගේ හද පිනා ගියේය. එයින් ඒ මිනිසාට තාවකාලික සහනයක් ආගමෙන් ලැබුණි. ඒ මිනිසා ඒ ලැබූ සහනයට ආලය කළේය. ඒ වෙනුවෙන් තාම ජිවතය වුවත් කැප කිරීමට සුදානම් විය. එසේ ආරම්භ වුනු ආගම මිනිසා පැවතීම ආරම්භයේ ක්‍රමයෙන් පරපුරෙන් පරපුරට පැමිණ අද වන විට මිනිසාගේ සිතට තදින් කාවැදී ඇති ඉතා සංවේදී කරුණක් බවට පත්විය.   
Share:

0 comments:

Post a Comment